ඉන්දියාවේ ටජ්මහල් මන්දිරය මධ්‍යතන යුගයේ භාරතය පාලනය කළ මුගලි රාජ පරම්පරාවේ පස්වන පාලකයා වූ ෂා ජහන් අධිරාජ්‍යා තමා අතිශයින්ම ආදරය කළ මුට්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසු ඇය වෙනුවෙන් ඉදිකළ අද්විතීය සිහිවටනය ටාජ්මහල් මන්දිරයයි. අග නුවර යමුනා නදී තීරයේ අතිශයින් සුන්දර පරිසරයක මෙම ආදර සිහිවටනය ඉදිකොට තිබේ. ඉස්මාරකයේ වැඩ ආරම්භ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1632දීය. කම්කරුවන් විසි දහසක් පමණ යොදාගෙන ඉදිකිරීම් අවසන් කිරීමට අවුරුදු විසි දෙකක පමණ කාලයක් ගතවී ඇත. මුළු ගොඩනැගිල්ලම කිරිගරුඩ ගලෙන් නිමවා ඇත. ගොඩනැගිල්ල, පොකුණු, උද්‍යානයද යමුනා නදිය එක්ව ගත් කල අතිශයින්ම දර්ශනීය ස්මාරකයක් බවට පත් වී ඇත.
අරුම පුදුම
ලෝකේ අරුම පුදුම තොරතුරු.
Thursday, April 28, 2011
ඉන්දියාවේ ටජ්මහල් මන්දිරය
ඉන්දියාවේ ටජ්මහල් මන්දිරය මධ්‍යතන යුගයේ භාරතය පාලනය කළ මුගලි රාජ පරම්පරාවේ පස්වන පාලකයා වූ ෂා ජහන් අධිරාජ්‍යා තමා අතිශයින්ම ආදරය කළ මුට්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසු ඇය වෙනුවෙන් ඉදිකළ අද්විතීය සිහිවටනය ටාජ්මහල් මන්දිරයයි. අග නුවර යමුනා නදී තීරයේ අතිශයින් සුන්දර පරිසරයක මෙම ආදර සිහිවටනය ඉදිකොට තිබේ. ඉස්මාරකයේ වැඩ ආරම්භ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1632දීය. කම්කරුවන් විසි දහසක් පමණ යොදාගෙන ඉදිකිරීම් අවසන් කිරීමට අවුරුදු විසි දෙකක පමණ කාලයක් ගතවී ඇත. මුළු ගොඩනැගිල්ලම කිරිගරුඩ ගලෙන් නිමවා ඇත. ගොඩනැගිල්ල, පොකුණු, උද්‍යානයද යමුනා නදිය එක්ව ගත් කල අතිශයින්ම දර්ශනීය ස්මාරකයක් බවට පත් වී ඇත.
Wednesday, April 27, 2011
ඉතාලියේ කොලෝසියම
ඉතාලියේ කොලෝසියම ඉතාලියේ රෝම නගරයේ පිහිටා ඇති මෙය සුවිසල් ප්‍රේක්ෂකාගාරයකි. එහි ප්‍රේක්ෂකයන් පනස් දහසකට පමණ ආසන පහසුකම් තිබී ඇත. විනෝදකාමී පාලකයන්ගේ සහ වංශාධිපති රදල පැලැන්තියේ සතුට පිණිස අමානුෂික ක්‍රීඩා මෙහි පැවැත්වූ බව විස්වාස කෙරේ. මරණය තෙක් සටන් වදින කඩුගත් මල්ලවයන්, වන මෘගයන් සමඟ ජීවිතය සඳහා බිහිසුණු සටනක යෙදෙන සිරකරුවන් ඔවුන්ගේ සතුට පිණිස යොදාගත් බව සඳහන් වේ.
Tuesday, April 26, 2011
මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා පූජනීය නගරය
මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා පූජනීය නගරය ආදි කොළොම්බියානු ශිෂ්ටාචාරයට අයත් මයන්වරු විසින් මෙය නිර්මානය කරන ලද්දකි. ක්‍රිස්තු වර්ෂ 750 සිට ක්‍රිස්තු වර්ෂ 1200 පමණ දක්වා කාලය තුළ මායා ශිෂ්ටාචාරයේ දේශපාලනික හා ආගමික මධ්‍යස්ථානයද මෙය විය. මෙම නගරයේ පිහිටා ඇති මීටර් 24 ක් උසැති කුකුල්කන් දේවස්ථානය පිරමීඩාකාර හැඩයක් ගත්තකි. එහි සතර අතට විහිදුණු පඩිපේළි 4කි. එක් පඩි පෙළක පඩි 91 බැගින් ඇත. පඩි පේළි හතරේ මුළු පඩි ගනන 365කි. වර්ෂයේ දින ගනනට සමාන වීම අවධානයට යොමු විය යුත්තකි.
Monday, April 25, 2011
බ්‍රසීලයේ ක්‍රිස්තු පිළිරුව
1931 ඔක්තෝබර් මස12වෙනි දින විවෘතකරන ලද අඩි131 ක් උස මෙම ප්‍රතිමාව බ්‍රසීලයේ හෙක්ටර් ද කොස්තා විසින් සැලසුම් කරන ලද ප්‍රංශයේ පෝල් ලැන්ඩොච්ස්කනී නිර්මාණ ශිල්පියා විසින් නිර්මාණය කරන ලදී.
Sunday, April 24, 2011
ජෝර්දානයේ පෙට්‍රා නගරය
ක්‍රිස්තු පූර්ව 9 වැන්නේ සිට ක්‍රිස්තු පූර්ව 40 දක්වා රජ කළ 4 වන ඇරේටස් රජුගේ පුරාතන නැබට්යානු රාජධානියේ අග නුවර පෙට්‍රා නගරයයි. බටහිරින් ගාසා, උතුරින් ඩැමස්කස්, හා බොස්රා හරහා ඇක්වාබා දක්වා විහිදී ගිය වෙළෙද මාර්ගයේ වෙළෙද මධ්‍යස්ථානයක් වශයෙන් පැවැතීම හේතුවෙන් ඉතා දියුණු තත්වයක පැවැති බව පෙනේ. අරාබි කාන්තාරයේ කෙළවරට වන්නට පිහිටා ඇති පෙට්‍රා නගරය කාන්තාරික දේශගුණික තත්වයන්ට මුහුන දීමට හැකි වන පරිදි නිර්මානය කොට තැබීම විශේෂයකි. එසේම පිහිටි ගලෙහිම නිර්මානය කරන ලද ගොඩනැගිලි මෙහි ගෘහ නිර්මානශිල්පයේ සුවිශේෂී ලක්ෂණයකි. රෝස පැහැති පාෂාණයෙන් කරන ලද මීටර් 42ක් පමණ උසැති පූජනීය ස්ථානයක නටඹුන්ද හමු වී ඇත.
Saturday, April 23, 2011
චීන මහා ප්‍රාකාරය.
දිගින් සැතපුම් 4000 ක් පමණ යුත් චීන මහා ප්‍රාකාරය රතු මුහුදින් පටන් ගෙන මොන්ගෝලියානු තැන්නෙන් ඇතුලට විහිදී ගොස් චීනය වටා දිවෙන මෙම නිර්මාණයේ මුලිකත්වය ගෙන කටයුතු කලේ ෂී හුවාන් කී නම් අධිරාජ්ජයා විසිනි. මෙම මහා පවුර ඉදිකිරීම් කටයුතු වලදී එයට සහභාගී වූ සාමාන්‍ය චීන වැසියන් ලක්ෂ 25 ක් පමණ ජීවිතක්ෂයට පත් වූ බව සඳහන් වේ.
Friday, April 22, 2011
සීගිරිය
ප්‍රෞඩ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද, වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටවන පුදුමයට පාත්‍රවන්නට තරම් උතුම් ලද මහා කලා ගාරයකි.
මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ල සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යන විටය.
සීගිරිය වටා දක්නට ලැබෙන ලක්ෂණ.
Subscribe to:
Posts (Atom)